කතරගම රන් තැටි සොරකම: ප්‍රධාන කපුවාට දේවාල භූමිය තහනම්

රුහුණු මහා කතරගම දේවාලයට, සංවිධානාත්මක අපරාධකරුවෙකු වෙනුවෙන් පූජා කළ බව කියන පවුම් 40කට ආසන්න බරකින් යුත් රන්තැටියක් සොරාගත් බවට චෝදනා එල්ල වී ඇති එහි ප්‍රධාන කපුවා සහ තවත් කපුවෙකුගේ කපු ධුර අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර ඊයේ (18) පියවර ගෙන තිබෙනවා.

මේ කපුවන් දෙදෙනා වන්නේ, සොමිපාල තිඹිලත් රත්නායක සහ මුණසිංහ මාන්නපෙරුමගේ සමන් ප්‍රියන්ත යන අයයි. මේ අයට දේවාල මාලිගයට ඇතුළු වීම, රාජකාරිවලට සම්බන්ධ වීම තහනම් කර ඇති අතර අදාළ රාජකාරි සියල්ල ගබඩාරාළ තනතුර දරණ මුතුබණ්ඩාර යන අයට භාර දිය යුතු බව දන්වා තිබෙනවා.

අදාළ රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධ උක්ත කපුවන් දෙදෙනා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප ලබා ඇති අතර එය කතරගම දේවාලයට දැඩි අපකීර්තියක් බව බස්නායක නිලමේවරයා දන්වා තිබෙනවා. මේ කපුවන් ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට ලිඛිතව දන්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles