කෙහෙළිය උසාවි ගේන්න එක්සත් ජාතීන් දරුවන්ට දුන් බසයක් යොදාගෙන: විමර්ශන ඇරැඹෙයි

රිමාන්ඩ් භාරයට පත්ව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට යොදාගෙන ඇත්තේ බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් ප්‍රවාහනය කිරීමට යොදා ගැනීම සදහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පරිත්‍යාග කර ඇති වෑන් රථය බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම වෑන් රථයේ ළමයින් හැර රැඳවියන් ප්‍රවාහනය කිරීමට කිසිසේත් යොදා නොගත යුතු බවට වෑන් රථය බන්ධනාගාරයට පරිත්‍යාග කිරීමේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පනවා තිබූ කොන්දේසියද උල්ලංඝනය කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වුවමනාව මත කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙනඒමට මෙම වෑන් රථය යොදාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

බස් රථයකින් උසාවියට ගෙනආවද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම අවස්ථා කිහිපයේදීම උසාවියට ගෙන ඒමට යොදාගෙන ඇත්තේ කේ.ඩී.එච්. වර්ගයේ සුඛෝපභෝගි වෑන් රථයක් බව පෙන්වා දෙන පැමිණිලිකරු බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනකුගේ වුවමනාව මත සැකකාර කෙහෙළිය රඹුක්වැල්ලට මෙම වරප්‍රසාදය ලබා දී ඇතැයිද සඳහන් කර තිබෙනවා.

මෙම පැමිණිල්ලට අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇති ආකාරය හෙළිකර ගැනීම සඳහා රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles