ගුරුවරියන්ගේ හබයක්: රෑ ගෙදරට පැන අත-පය කපලා

බදුල්ල පොලිසිය විසින් ඊයේ (19) දා පිහියකින් කපා පාසල් ගුරුවරියකට තුවාල කළේ යැයි සැකපිට තවත් පාසල් ගුරුවරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවාල ලැබූ 44 හැවිරිදි ගුරුවරියගේ පාදයක සහ අතක කැපුම් තුවාල කිහිපයක් ඇති අතර ඇය බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාර 45 හැවිරිදි ගුරුවරිය සන්තකයේ තිබූ පිහියක් ද සොයා ගත් බව පොලිසිය පවසනවා.

මෙම ගුරුවරියන් දෙදෙනා පාසල් දෙදක රාජකාරි කරන මිතුරියන් බවත් දෙදෙනා අතර ඇති වූ විරසකවීමක් නිසා සැකකාරිය ඩෙනිම් කලිසමකින් සැරසී ඊයේ (18) මැදියම් රැයේ අනෙක් ගුරුවරිය සොයා ඇගේ නිවසටම ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන්වන බවද පොලිසිය ප්‍රකාශ කරනවා.

මෙම සිදු වීමට අදාළව නිවැසියන් විසින් සැකකාරිය අල්ලා පොලිස් හදිසි ඇමතුම් 119 වෙත දැනුම් දී පොලිසියට බාර දුන් අතර මෙම අපරාධයට පෙම් පලහිලව්වක් හේතුවෙන් ඇති බවයි අනාවරණය වන්නේ.

අදාළ අපරාධය පිළිබඳ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව ද වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles