ජනයා ගසා කන අලුත් ම ගුණ්ඩුව හෝමාගමින්

කල් ඉකුත් වූ වෙළද බලපත්‍ර යාවත්කාලීන කිරීම ප්‍රමාද වී ඇතැයි පවසා ජනතාව බිය ගන්වමින් වංචනික ලෙස ඊසි කෑෂ් හරහා දහස් ගණනින් මුදල් ගැරීමේ ජාවාරමක් හෝමාගම ප්‍රාදේශීය සභා බළ ප්‍රදේශයෙන් වාර්තා වෙන බව හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම් කුමුදුනී ගුණතිලක පවසනවා.

ඉකුත් දින හැටක කාලය තුළ සිදුවීම් පහළොවක් පමණ වාර්තා වී ඇති බවත් ඉන් ආසන්නම සිදුවීම ඉකුත් (19) දා හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් වාර්තා වූ බවත් එම නිවසින් රුපියල් 36,000 මුදලක් වංචා කර ඇති බවත් ලේකම්වරිය සඳහන් කරනවා.

හෝමාගම ප්‍රාදේශීය සඳහා බල ප්‍රදේශය තුළ වෙළඳ බලපත්‍ර ලබාගත් බදු ගෙවන්නන් 5000 පමණ ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ට අදාල කිසිදු ගෙවීමක් අන්තර්ජාලය හරහා හෝ බැංකු මගින් අයකර ගැනීම් සිදු නොවන අතර ඒ සියලු ගෙවීම් කාර්යාලයට පැමිණ සිදු කිරීමට උපදෙස් දී ඇති බව ප්‍රාදේශීය ලේකම්වරිය පවසනවා.

මෙවන් පසුබිමක මෙසේ මුදල් අය කිරීම කිසිදු නීත්‍යානුකූල පදනමක නොමැති බව ප්‍රධාන ආදායම් පාලක සුජීව පතිරණ කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles