කතානායක, කරත්තේ බැඳපු අම්බරුවා වගෙයි -අනුර

කතානායකවරයාගේ මුළු භූමිකාවම දිරාපත් වී ඇති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කර තිබෙන්නේ කරත්තේ බැඳපු අම්බරුවා සේ “ජහ්” කියන විට යන “හිටු කියන විට නවතින කතානායකවරයාගේ මුළු භූමිකාවම දිරාපත් වී තිබෙන බවයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වන මන්ත්‍රිවරයා පවසා සිටින්නේ විශ්වාස භංගයේ වගන්ති කෑලි අස්සේ නොව කතානායකවරයාගේ චර්යාවෙන්ම ඔහු පුටුවට උචිත නොවන බවයි.

අප රටේ වගකීම් විරහිතව හැසිරෙන්නේ කතානායක පමණක් නොවන බවත් ජනාධිපතිවරයා පවා අනීතිකව හැසිරෙමින් මැතිවරණ කල් තබන බවද ඔහු පවසනවා.

ඒ නිසා මේ සමස්තයට එරෙහි දේශපාලනයක් අද අවශ්‍ය වී තිබෙන බවත් මේ විශ්වාසභංග ඡන්දයෙන් නැතත් ලබන මහමැතිවරණයේ දී නම් කතානායකවරයාට අනිවාර්යයෙන් ඉවත්වන බව මන්ත්‍රිවරයා වැඩි දුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles