වනජීවියට වන අලි ප්‍රහාරයක්

හලාවත බංගදෙනිය දුම්රිය ස්ථානයට ආසන්න කැලැවක රැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා වනජීවි නිලධාරීන් සමඟ කටයුතු කරමින් සිටි සිවිල් ආරක්ෂක බලකා නිළධාරීන් දෙදෙනෙකු වල් අලි ප්‍රහාරයකින් තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ පවසනවා.

කරුවලගස්වැව සිවිල් ආරක්ෂක අනුකණ්ඩයට අයත් වනජීවි දෙපාර්තුමේන්තුව යටතේ වල් අලි පළවා හැරීම සඳහා පුත්තලම අලි පාලන ඒකකයේ කටයුතු කරනු නිළධාරීන් දෙදෙනෙක් මෙම ප්‍රහාරයට ලක් වී ඇති බව සඳහන් වන්නේ.

බංගදෙනිය දුම්රිය ස්ථානයට ආසන්නයෙ පිහිටි මැල්වත්ත ප්‍රදේශයෙ කැලෑබද ස්ථානයට අලි දෙදෙනෙකු කඩා වැදී ඇති බවට පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂක වරයාට බංගදෙනිය ගම්වාසින් කල දැනුම් දීම මත මෙම වන අලින් පලවා හැරීමට කටයුතු කළ තිබෙනවා.

කෙසේ නමුත් බංගදෙනිය දුම්රිය ස්ථානයට ආසන්නව ඒ වන විට ලංවි සිටි වන අලි දෙදෙනා එම දුම්රිය ස්ථානය හරහා පුත්තලමට ගමන් කරමින් තිබූ දුම්රියට බිය වි කුලප්පු වි ඇති බව ඔවුන් පවසනවා.

එයින් පසු මෙම අලි දෙදෙනා ගම්මානයට කඩා වැදීමට සූදානම් වන අවස්ථාවේ අලි පාලන ඒකකයේ නිළධාරීන් සමඟ සිවිල් ආරක්ෂක නිළධාරීන් මහත් වෙහෙසක් දරමින් මෙම අලි දෙදෙනා ගම්මානයට කඩා වැදිම වලක්වාලමින් සිට ඇති අතර ඒ සමඟම කඩා වැදුණු අලි දෙදෙනා සිවිල් ආරක්ෂකයින් හා වනජීවි නිළධාරීන් වෙත නොසිතු ලෙස කඩා වැඳි තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles