නඩු භාණ්ඩ ලෙස තිබූ හෙරොයින් අලෙවි කළැයි උසාවියේ ආරච්චි අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් මීගමුව මහා අධිකරණයේ ආරච්චිල නිලධාරියා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් (19) දා රාත්‍රීයේ දී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් පවතින හෙරොයින් මත්ද්‍රව්‍ය සොරකම් කර ඒවා පිටස්තර පුද්ගලයින්ට විකුණා ඇති බවට ලැබූ තොරතුරකට මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලිස් ප්‍රකාශකයෙකු පවසනවා.

ඒ අනුව අධිකරණ නිවස අසල දී අදාළ සැකකරුව අත්අඩංගුවට ගැනීමේ දී ඔහු සන්තකයේ තිබි හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 8.200ක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සැකකාර ආරච්චිලගෙන් කළ ප්‍රශ්න කිරිම්වලට අනුව හෙළි වී තිබෙන්නේ කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකුට මෙම මත්ද්‍රව්‍ය අලෙවි කළ බවයි.

ලැබු තොරතුරුවලට අනුව මීගමුව දෙමංහන්දිය ප්‍රදේශයේ දී සැකපිට ඔහුව අත්අඩංගුවට ගත් බවත් එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 5.100ක් සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා රැදවුම් නියෝග ලබාගැනීමට පොලිසිය කටයුතු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles