දේශබන්දුට රට හදන්න සහය දෙනවා – දකුණු නව ජෙ.නි. පොලිස්පති

දකුණු පළාතේ ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මහේෂ් සේනාරත්න පත්වී තිබෙනවා.

එම ධුරයේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා තිබෙන්නේ දකුණු පළාත තුළ නීතිය සාමය රජ කරවන යුගයක් නිර්මාණය කරන බවයි.

එහි දී අදහස් දැක්වූ ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න,

“මගේ ප්‍රධාන අරමුණ තමයි අපේ ගරු පොලිස්පතිතුමා දේශබන්දු තෙන්නකෝන් මහත්මයාගේ මේ රට හැදීමේ කටයුත්තේ ප්‍රමුඛස්ථානයක් ගැනීම. මේ දකුණු පළාත තුළ නීතිය සාමය රජ කරවන යුගයක් හදන්න ඕන. මිනිස්සුන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් සකස්කරන්න ඕන. ඒ නිසා ඒ පරිසරය සකස්කරනවා, සකස්කරන්න බැරිනම් එන්නෙත් නෑ. සකස්කරනවා ඒ නිසා ඒකට අවශ්‍ය සහයෝගය ඔයගොල්ලෝ ලබාදෙන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles