ගෝඨාගේ පොත: සුදු වෑන් – මිනී මෝරු චෝදනා පිළිඅරන්!

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඔහු මහින්ද රාජපක්ෂ රජය යටතේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරය දරද්දී ඔහුගේ ක්‍රියාකලාපය ගැන විවිධ චෝදනා එල්ල වුණා. මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයන් ඝාතනය, පහර දීම වැනි චෝදනා ඒ අතරින් විශේෂයි.

සුදුවෑන් යොදාගනිමින් මිනිසුන් පැහැරගෙන ඝාතනය කළ බවට වන චෝදනාව දිගින් දිගටම නැගුණු අතර මිනී මෝරුන් ගැනත් චෝදනා නැගුණා. එසේ ම ඔහු සුරතලයට මෝරුන් ඇති කළ බවටත් වාර්තා පළ වුණා.

ජනාධිපති වගකීම් දැරීමට අසමත් වී, රට අවුලෙන් අවුලට පත් වූ පසු පළවා හරිනු ලැබූ හිටපු ජනපතිවරයා ඔහුව ධුරයෙන් නෙරපා හැරියේ කුමන්ත්‍රණයකින් බව කියමින් පසුගිය දා පොතක් පළ කරනු ලැබුවා.

එහිදී ඔහු කියා සිටින එක් කරුණකින් ඔහුට එල්ල වූ චෝදනා අනියමින් පිළිගන්නා බව පෙනී යනවා.

ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය නම් එම පොතේ, 185 වැනි පිටුවේ එන මෙම කොටස විශ්ලේෂණය කිරීමෙන් ඒ බව පැහැදිලි වෙනවා.

එම කොටස –

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් මාස කිහිපයකට පසු මම දෙනියායේ මගේ නැසීගිය සහෝදරිය වෙනුවෙන් පවත්වනු ලැබූ දානමය පිංකමකට සහභාගී වෙමින් සිටියදී මගේ සහෝදරියගේ පවුලට සමීප එම ගමේ පුද්ගලයෙක මා එතැන සිටිනු දැක “මොනවද මේ ජනාධිපතිතුමා, අපි ඔබව බලයට පත් කළේ ඔබතුමාට තියෙනවා යැයි කියපු සුදු වෑන් සහ මිනී කන මෝරුන් පාවිච්චි කරලා මේ රට යකඩ හස්තයකින් පාලනය කරයි කියලා බලාපොරොත්තුවෙන්. නමුත් ඔබ තුමාව එළවලා දානකම්ම නිකං හිටියා.” යැයි කියමින් සියල්ලන් ඉදිරිපිට ම මට දෝෂාරෝපණය කළේ ය. මා ජනාධිපති ධුරයට පත් වෙන විට බොහෝ අයගේ අපේක්ෂාව වූයේ මම මීට පෙර ආරක්ෂක ලේකම්වරයා ලෙස මගේ රාජකාරිය ඉටු කළ ආකාරයට ජනාධිපති ලෙසත් අයෝමය හස්තයකින් රට පාලනය කරනු ඇති බවයි.

  • ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය – 185 පිටුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles