කතානායකට අද වැඩ වරදී ද?

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ONLINE පනත සම්මත කරගැනීමට ආණ්ඩුවට අනීතික ලෙස පක්ෂපාතිත්වයක් දැක්වීම ආදී කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

යෝජනාව විවාදයට ගැනෙන තුන්වන දිනය අදයි.

ඒ අනුව අද (21) පෙරවරු 9.30 සිට 4.30 දක්වා එම විවාදය පැවැත්විමට නියමිතව තිබෙනවා.

මෙම විවාදය සම්බන්ධයෙන් පවත්වන ජන්ද විමසීමද අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles