කැනඩාවේදී අනුරට ඉහළ පිළිගැනීමක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (21) දා කැනඩාව බලා පිටත් වුණා.

කැනඩාවේ ශ්‍රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහි දී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට කැනඩාවෙි ටොරනටෝ(Toronto) ගුවන් තොටුපලේ දී ශ්‍රී ලාංකිකයින්ගේ සුහද පිළිගැනීමක් හිමී වි තිබෙනවා.

ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කර තිබෙන ප්‍රධාන ජනහමු දෙකෙන් පළමුවැන්න මේ මස 23 වැනි සෙනසුරාදා පස්වරු 3.00 ට ටොරොන්ටෝ අගනුවර දී ද, දෙවැන්න මේ මස 24 වැනි ඉරිදා පස්වරු 2.30 ට වැන්කුවර් නගරයේ දී ද පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles