ත්‍රීවිල් රියදුරන්ට වෙන අබග්ගයක් ගැන පරීක්ෂණ

හයර් යන මුවා­වෙන් ත්‍රීවී­ලර් රථ­ව­ලට නැඟ තමන් සතු මිල මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ල­කෑම් පිළි­බ­ඳව ත්‍රීවී­ලර් රියැ­දු­රන් 25කට අධික ප්‍රමා­ණ­ය­ක­ගෙන් පැමි­ණිලි වැල්ල­ම්පි­ටිය පොලි­සිය වෙත ලැබී ඇති බව වාර්තා වෙනවා.

මෙම කොල්ල­කරු ඇතුළු කණ්ඩා­යම පංචි­කා­වත්ත, ආමර් වීදිය ප්‍රදේ­ශ­යෙන් හයර් යන මුවා­වෙන් ත්‍රීවී­ලර් රථ­ව­ලට ගොඩ වී වැල්ල­ම්පි­ටිය, සේද­වත්ත පාරට රැගෙන විත් රියැ­දු­රන් සතු බඩු භාණ්ඩ කොල්ලකා පලා යන බව පසු­ගිය මාස දෙකක කාලය තුළ රියැ­දු­ර­න්ගෙන් ලැබුණු පැමි­ණිලි 25කට අධික සංඛ්‍යා­වක් නිරී­ක්ෂ­ණය කිරී­මේදී අප­රාධ විම­ර්ශන නිල­ධා­රී­න්හට පෙනී ගොස් තිබුණා.

“අපේ සල්ලි ටික අරන් ගියා නම් තව කමක් නැහැ කොල්ල­කාලා යන්නේ අපේ මූණ­වල් අත පය කපලා. මුණට පිහිය තියලා අදි­නවා. මේ මිනිහා අයිස් ගහලා මොළේ විකෘති වෙච්ච එකෙක්. ලේ දකින්න කැමති එකෙක්.”

යනුවෙන් ලේ පෙරා­ගෙන පොලි­සි­යට පැමි­ණිලි කිරී­මට පැමිණි ත්‍රීවී­ලර් රියැ­දු­රන් කිහිප දෙනෙක්ම එලෙස පවසා තිබෙනවා.

රියැ­දු­රන් හතර පස් දෙන­කු­ගේම මුහුණු පිහි­ය­කින් කපා තිබුණු අතර එක් අයෙ­කුගේ හිස මුදු­නට උල් පිහි­ය­කින් ඇන තිබූ බව ද පොලි­සිය අනා­ව­ර­ණය කර­ගෙන තිබුණා.

පොලි­සිය පසු­ගි­යදා සිදු කළ මෙහෙ­යු­ම­කදී මහා මාර්ගයේ රැඳී සිටි සැක කට­යුතු පුද්ග­ල­යෙකු පරික්ෂා කිරී­මට යාමේ දී ඔහු අධික වේග­යෙන් දිව ගොස් ඇති අතර එහි දී අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ඇතුළු නිල­ධා­රීන් ද අධික වේග­යෙන් ඔහු හඹා ගොස් දැඩි ප්‍රය­ත්න­යක් දරා අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙනවා.

සැක­ක­රුව පරික්ෂා කිරී­මේ දී ඔහු සන්ත­කයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි, මිලි­ග්‍රෑම් 300ක් හමුවී ඇති බව පොලිසිය පවසනවා.

එහි දී මෙම සැකකරුව රැඳ­වුම් නියෝග ලබා ගෙන දිගින් දිග­ටම සිදු කරන ලද ප්‍රශ්න කිරී­ම්ව­ල දී ඔහු ත්‍රීවී­ලර් රථ­වල ගොස් ඔහු විසින් සිදු කරන ලද කොල්ල­කෑම් 25ක් පිළිබඳ හෙළි කර­ගත් බවයි.

වැඩි­දු­ර­ටත් පරික්ෂණ සිදු කිරී­මේ දී මෙම සැක­ක­රුට විරු­ද්ධව නඩු 37ක් ද, වරෙන්තු 12ක්ද ඇති බවත් ඔහු අධික ලෙස අයිස් මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැ­හිව සිටින බවයි.

සේද­වත්ත ප්‍රදේ­ශයේ පදිං­චි අදාළ සැකකරු මෙම කොල්ල­කෑ­ම්ව­ලට ඔහු සමඟ සම්බ­න්ධව සිට ඇති අනෙ­කුත් අය ද අත්අ­ඩං­ගු­වට ගැනී­මට විම­ර්ශන කට­යුතු සිදු කර බවත් එ‌මෙන්ම අදාළ සැකකරු අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව බවත් වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles