කීරි සම්බා ලොරියක් ම උස්සලා

වැලිකන්ද ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝලකට විකිණීම සඳහා රැගෙන ගිය රුපියල් ලක්‍ෂ පහළොවක් පමණ වටිනා කීරි සම්බා ලොරියක් කීපදෙනෙකු සොරාගෙන ඇති බව වාර්තා වෙනවා.

ඊයේ (20) දා රාත්‍රියේ මෙය සිදු වී ඇති අතර අරලගංවිල පොලිස් වසමට අයත් හතර කණුව ප්‍රදේශයේ ලොරිරථය පමණක් දමා ගොස් තිබුණා. එහි තිබූ සහල් උර කිසියම් ස්ථානයකින් නිදහස් කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධ අරලගංවිල, රුහුණගම ප්‍රදේශයේ ලොරි රථයේ හිමිකාර ව්‍යාපාරිකයා විසින් පෙරේදා (19) පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව එම ලොරියේ තිබූ කීරි සම්බා වී කිලෝ 9100 ක ප්‍රමාණයක් සොරුන් විසින් පැහැරගෙන ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරනවා.

සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles