ඡන්දය නිසා පොහොට්ටුව දෙකඩ වෙන ලකුණු

ජනාධිපතිවරයා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර ඊයේ රාත්‍රියේ පැවති හමුවේ විස්තර වාර්තා වෙනවා.

ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස කැබිනට් මණ්ඩලයට පැවසීමෙන් අනතුරුව මෙම හමුව යොදා ගැනුණා. කෙසේ වෙතත්, මැතිවරණ සහ දේශපාලන තත්වය පිළිබඳ දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබෙනවා.

මැතිවරණයන්ට අදාළ පොදුජන පෙරමුණු ස්ථාවරය බැසිල් විසින් ජනපතිවරයා වෙත කියා තිබෙන බවයි දැනගන්නට ඇත්තේ.

එහෙත් එම සාකච්ඡාවේදීද පවත්වන මැතිවරණය පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමට සමත්ව නැති බවයි සඳහන් වන්නේ.

ජනපතිවරණය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මත ගැටුමක් නිර්මාණය වී එය කණ්ඩායම් දෙකකට කැඩී ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles