කේට් – වේල්සයේ කුමරියටත් පිළිකාවක්

වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන්ට පිළිකා රෝගය වැළැඳී ඇති බවත් මේ වන කිමෝ තෙරපි ප්‍රතිකාරය සඳහා යොමුව සිටින බවත් විදෙස් පුවත් ඒජන්සි වාර්තා කරනවා.

පීපල්-නම් නාලිකාවක වීඩියෝවකට පෙනී සිටිමින් මේ බව ඇය විසින් ම පවසනවා. පසුගිය ජනවාරියේ ඇය උදරයේ සැත්කමකට භාජනය වුණු අතර ඒ ගැන කිසිවක් හෙළි වූයේ නැහැ.

42 හැවිරිදි කේට් මිඩ්ල්ටන් එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිඳ වන අතර ඔවුන්ට දරු තිදෙනෙක්ද සිටිනවා.

කෙසේ වෙතත් පසුගිය දා වාර්තා වූයේ බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුද පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles