ධනංජය සහ කමිඳුගෙන් සුපිරි පිතිහරඹයක්

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ ඉණිම දෙකේදීම ශතක ලබා ගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් සමත් වී තිබෙනවා.

එකම තරගයක ඉණිම දෙකේදීම ශතක ලබා ගැනීමට ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවන් 72 දෙනෙකු මීට පෙර සමත් වී තිබුණත්, එකම තරගයේ ඉණිම දෙකේදීම ශතක ලබා ගැනීමේ දක්ෂතාව පිතිකරුවන් දෙදෙනෙකු විසින්ම දැක්වීම මීට පෙර වාර්තා වී තිබෙන්නේ අවස්ථා පහකදී පමණයි.

ඒ අතරිනුත් එකම කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙක් විසින් මෙම දක්ෂතාව දක්වා තිබෙන්නේ මීට පෙර අවස්ථා දෙකකදී පමණයි.

ඒ ඕස්ට්‍රේලියාවේ ග්‍රේග් චැපල් සමඟ ඉයන් චැපල් නවසීලන්තයට එරෙහිව 1974දීත්, පාකිස්ථානයේ අසාර් අලි සහ මිස්බා උල් හක් 2014දී ඕස්ට්‍රේලියාවට එරෙහිවත් පැවති තරඟවලදී.

දැනට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු හාරසිය 430ක පමණ තුන් වෙනි ඉණිමේ ඉදිරියෙන් සිටිමින් ස්ථාවර ස්ථානයක පසුවෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles