මෛත්‍රී CID එකට යද්දී – ඇමරිකානු තානාපති සජින් වාස් සමඟ රහස් මන්ත්‍රණයක!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් සජින් වාස් ගුණවර්ධන ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චෑන්ග් සමඟ අද (25) දහවල් විශේෂ රහසිගත සාකච්ඡාවක නිරත වී ඇති බව වාර්තා වෙනවා.

කොළඹ හතේ පිහිටි අවන්හලක ඉහළ මාලයේ දී දිවා ආහාරය ලබා ගනිමින් ඔවුන් දෙදෙනා පැයක පමණ කාලයක් සාකච්ඡා කර ඇති බවයි ආරංචිමාර්ග වාර්තා කරන්නේ.

සාකච්ඡාවෙන් අනතුරුව පළමුව තානාපතිනිය ඉන් පිටව ගිය බවත් ඊට විනාඩි දහයකට පසු සජින් වාස් ගුණවර්ධන ද සිය බිරිඳ හා දරුවා සමඟ එම ස්ථානයෙන් පිටව ගිය බවත් සඳහන් වෙනවා.

හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශ ලබාදෙන අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු නායකයින් එම ස්ථානයට පැමිණියත් සජින් වාස් ගුණවර්ධන පැමිණ සිටියේ නැහැ. පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර, අපරාධ පරීක්ෂණ අංශ වෙත ප්‍රකාශ ලබා දෙමින් සිටියදී සිදු කෙරුණු මෙම සාකච්ඡාව විවාදාපන්නයි.

සජින් වාස් ගුණවර්ධන එවකට මහින්ද රාජපක්ෂ රෙජිමයේ ඉතා බලවත් පුද්ගලයෙක් ලෙස සිටි අයෙක් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles