යුද්දෙ ඉවර කළේ අතිනුත් වියදම් කරලා : දිලිත්

තිස් වසරක් පුරා පැවැති යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ජාතිය අභිප්‍රේරණය කිරීමට තමන් පෞද්ගලිකව මැදිහත්වූ බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසනවා.

එම පක්ෂයේ ජනහමුවක් අමතමින් ඔහු තවදුරටත් කියා සිටියේ, යුද සමයේ “අපි වෙනුවෙන් අපි” ව්‍යාපෘතිය සකස් කරන ලද්දේ පෞද්ගලික ධනය වියදම් කරමින් තම හිතවතුන් පිරිසක් සමඟින් බවයි.

ඒ හරහා ඇති වුණ අභිප්‍රේරණයෙන් තරුණයන් හමුදාවට එක්වීමට පැමිණියේ පෝලිමේ බවත් එයින් යුද්ධය අවසන් කර ගැනීමට අවස්ථාව ලැබුණු බවත් දිලිත් එහිදී පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles