කෝප් සභාපතිකමට රෝහිත ගෙනාව මෙහෙයුම අගමැති කාර්යාලයෙන්

කෝප් කමිටුව හෙවත් රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පසුගිය දා මහත් ආන්දෝලනයට තුඩු දුන් එකක් බවට පත් වුණා. ඒ එහි සභාපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත් කිරීම නිසාවෙන්.

මේ වන විට එම කමිටුවෙන් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 11 දෙනෙක් පමණ ඉල්ලා අස්වී තිබෙනවා. ආණ්ඩු පක්ෂයෙන් රෝහිත මන්ත්‍රීවරයා යෝජනා කරන ලද්දේ මහින්දානන්ද අලුත්ගමගේ වන අතර, එය සංජීව එදරිමාන්න විසින් ස්ථිර කරනු ලැබුවා. ඒ අතර විපක්ෂයෙන් ගෙනා යෝජනාව නම් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ගාමිණී වලේබොඩයි. ඔහු ඉරිදා සති අන්ත පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටින්නේ, අගමැති, ජනපති ඇතුළු බොහෝ දෙනා තමන් පත්වීමට කැමැති බව දැන්වුවත් අගමැති කාර්යාලය විසින් කළ මෙහෙයුමකින් අනතුරුව රෝහිත ගෙනා බවයි.

වලේබොඩ මන්ත්‍රීවරයා කියා සිටින්නේ ගණකාධිකාරිවරයෙක් ලෙස වසර 15ක පළපුරුද්දක් සේ ම විදේශ පුහුණු ගණනාවක් ඇති තමන් ඊට ඉතාමත් සුදුසු බවයි.

1 COMMENT

  1. මුන් ඔක්කෝටම පිස්සු මුං ටික එකතුවෙලා අපිවත් පිස්සො කරනවා. මේ රටේ මේ දේශපාළණයත් එක්ක ජීවත් වෙන එකනං මහා පාපයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles