රුසියානු රඟහලේ බිහිසුණු ප්‍රහාරය : බාගෙට මැරූ සැකකරුවන් අධිකරණයට (වීඩියෝ)

රුසියාවේ මොස්කව් අගනුවර රඟහලකට පසුගිය දා ප්‍රබල ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කෙරුණා. වෙඩි තැබීමක් සහ බෝම්බ ගැසීමක් සහිතව සිදු කෙරුණු මෙම ප්‍රහාරයෙන් 150කට අධික පිරිසක් මිය ගියා.

මේ සම්බන්ධයෙන් ISIS සංවිධානය වීඩියෝවක්ද නිකුත් කර තිබුණු අතර වගකීම ඔවුන් බාරගෙන නිවේදනයක්ද නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත්, රුසියානු ජනපතිවරයා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ද යුක්‍රේනයට ඇඟිල්ල දිගු කරනු ලැබුවා.

සිකුරාදා (22) අලුයම තුනට පමණ මෙම ප්‍රහාරය එල්ල කිරීම ගැන සැක පිට 11 දෙනෙකු යුක්‍රේන දේශසීමාව අසලදී අත්අඩංගුවට ගැනුණා. පුටින් යුක්‍රේනයට ඇඟිල්ල දිගු කරන්නේ මෙම සැකකරුවන් ඒ දෙසට පළා යෑමට ගන්නා ලද උත්සාහය නිසයි.

සෙනසුරාදා දින රුසියාවේ ශෝක දිනයක්ද ප්‍රකාශයට පත් කර තිබුණු අතර මෙම සැකකරුවන්ගෙන් සිව්දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.

විදෙස් පුවත් ඒජන්සි විසින් නිකුත් කළ වීඩියෝ දර්ශන අනුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර හොඳ හැටි පහරදී තිබෙනවා.

නඩු විභාගයෙන් ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වනු ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන්ගේ වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles