ලංකාවට එමින් තිබූ නැවක් ගැටී ඇමරිකාවෙ පාලමක් ගඟේ (වීඩියෝ)

අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ Patapsco ගංගාව හරහා තිබූ විශාල පාලමක් අද (26) උදෑසන කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එහි ගැටීම හේතුවෙන් සැතපුම් 1.6ක් දිගැති එම පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි.

ඒ අනුව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන පරිදි අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ Patapsco ගංඟාව හරහා තිබූ විශාල පාලමේ ගැටී ඇත්තේ ශ්‍රී ලංකාව බලා එමින් සිටි නෞකාවක්.

Dali නම් එම බහාලුම් ප්‍රවාහන නෞකාව ගැටීම හේතුවෙන් එම පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන වීඩියෝ මඟින් තහවුරු වී තිබෙනවා.

පාලම කඩා වැටීම හේතුවෙන් කිසිවෙක් හෝ තුවාල ලබා ඇති බව මුලදී වාර්තා වී නොතිබුණ ද මේ වනවිට එම අනතුර හේතුවෙන් 7 දෙනෙක් පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව වාහන කිහිපයක් ගඟට වැටී ඇතැයි අනුමාන කෙරෙන අතර එම ස්ථානයේ සහන කණ්ඩායම් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles