ඡන්දෙට කලින් ජවිපෙ පුපුරනවා – දිලිත් නම් හොඳ ගමනක : චන්න

ජවිපෙ තුළ මතවාද කිහිපයක් පවතින බැවින් මැතිවරණයට පෙර එම පක්ෂය පුපුරා යෑමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසනවා.

ජවිපෙට කිසිසේත්ම ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ජනමතයක් නැති බවද ඔහු කියා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගූ ජාතික දේශපාලන කඳවුර පරිහානියට සහ පසුබෑමකට ලක් වීම පිළිබඳව සහ එමගින් බලාපොරොත්තු වූ අපේක්ෂාවන් ඉටු කර ගැනීමට නොහැකි වීම ගැනද තමාට කලකිරීමක් ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ.

පෙරේදා (23) අනුරාධපුර පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය ඉතා හොඳ ගමනක් යන බවත් එම පක්ෂයේ මතවාද සමඟ තම කණ්ඩායම අතර වෙනසක් නැති බවත් ඔහු එහිදී කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles