සිත් බැඳි මධුර ස්වරය නිහඬව යයි

පෙම් බැඳි සිත් බැඳි ප්‍රවීණ මධුර හඬ, චන්ද්‍ර කුමාර කඳනාරච්චි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (26) උදෑසන ඔහුගේ අභාවය සිදු වූ බවයි පැවසෙන්නේ.

මිය යන විට 76 වන වියේ පසු වු එතුමා රෝගී තත්ත්වයෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්වී ඇති බවයි සඳහන් වන්නේ.

ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ඳ සිත් බැන්ඳ, ගංඟා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ වැනි රසික හදවත් පිනවූ බොහෝ ගීත ඔහුගේ හඬින් රසවත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles