පොහොට්ටු බලවතුන් අද රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (27)රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ දී අද පස්වරුවේ මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මේ පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශ සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා මෙසේ පැවසුවා.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව රැස්වෙනවා හවස 3ට, පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවාසයේ දී. සාමාන්‍යයෙන් විධායක සභාව අපි නිශ්චිත ව්‍යවස්ථානුකූල ආකාරයට අඛණ්ඩව අවශ්‍ය අවස්ථාවන්හි දී රැස්වෙනවා. ඒ අනුව සුපුරුදු හමුවක්. මේ මොහොතට අදාළ පවතින දේශපාලන තත්ත්වයත් ඒ වගේම පක්ෂ අභ්‍යන්තරයට අදාළ කරුණු කිහිපයකුත් සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles