පොලිසියට ගුටි දී නිල ඇඳුම්ද ඉරා දාලා: 4ක් අත්අඩංගුවට

සැකකටයුතු ත්‍රීරෝද රථ දෙකක් පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී නිල ඇඳුම් ඉරා දමා පළායාමට සූදානම් වූ පුද්ගලයින් සිව් දෙනකු කඩු පොලු සමඟ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසනවා.

කිසියම් අපරාධයක් කිරීම සඳහා යමින් සිටි ත්‍රීරෝද රථ දෙකක් මෙලෙස පරීක්ෂා කිරීමේ දී මෙම සිදුවීම සිදු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි19, 27, 28 සහ 29 හැවිරිදි පුද්ගලයින් පිිරිසක්.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී අලුත්ගම දර්ගා නගරයේ දී සැකකරුවන් හය දෙනෙකු පැමිණි ත්‍රී රෝද රථ දෙක නවතා පරීක්ෂා කිරීමට සූදානම් වීමේ දී ඇතිවූ බහින් බස්වීමකින් පසු පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

පොලිස් නිලධාරීන්ට පහර දෙන අවස්ථාවේ අවට සිටි පිරිස් සැකකරුවන් සිව් දෙනෙකු අල්ලා පොලිසියට භාරදී ඇති බවත්, තවත් දෙදෙනෙකු පළා ගොස් ඇති බවත් සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles