ලොව දිගම සර්පයා මරා දමලා!

ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

15 දෙනකුගෙන් සමන්විත ජාත්‍යන්තර සත්ව විද්‍යාඥයන් කණ්ඩායමක්, ඇමසන් වනාන්තරයේ ගෝත්‍රිකයන්ගේ ද මඟ පෙන්වීමෙන්, ඇමසන් ගංඟාවට සම්බන්ධ අතු ගංඟාවකින් මෙම විශාලතම ඇනකොන්ඩා සොයා ගත්තේ පසුගිය පෙබරවාරියේය.

ගැහැනු සත්වයකු වූ මෙම ඇනකොන්ඩා ‘ඇනා ජුලියා’ යනුවෙන් නම් කර තිබෙනවා.

ඇනකොන්ඩාවන් පිඹුරන් විශේෂයක් වන අතර ඇනකොන්ඩාවන් අතරින් ද විශාලතම ඇනකොන්ඩා ලෙස සැලකුණේ ‘ඇනා ජුලියා’ බවයි සඳහන් වන්නේ.

‘ඇනා ජුලියා’ උතුරුදිග හරිත ඇනකොන්ඩාවෙකු වන අතර, උතුරුදිග හරිත ඇනකොන්ඩාවන් නව ඇනකොන්ඩා විශේෂයක් බවත් විද්‍යාඥයන් තහවුරු කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles