සම්බාහන මුවාවෙන් ගෙන ගිය ගණිකා නිවාසවලින් එච්.අයි.වී ආසාදිත දෙදෙනෙක් සොයාගෙන!

සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වැළැඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මේ බව සඳහන් කර තිබුණා.

මෙම වැටලීමේදී සම්භාහන මධ්‍යස්ථාන 53ක් වසා දැමීමට කටයුතු කර ඇති අතර ඒවායේ සේවයේ නිරතව සිටි කාන්තාවන් 137ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ පසුගිය දින කිහිපය තුළ මීගමුව, කොච්චිකඩේ සහ සීදූව කියන පොලිස් වසම්වල විශේෂ වැටලීමක් සිදුකර ඇති බවයි. බුද්ධි තොරතුරුවලට අනාවරණය වී තිබෙන්නේ මෙම මධ්‍යස්ථාන නීතිවිරෝධී ලෙස ගණිකා නිවාස ලෙස පවත්වාගෙන ගිය බවයි.

ඒ අනුව ගණිකා නිවාස පවත්වාගෙන යාම, ගණිකාවන් ලෙස පුද්ගලයින් සේවයේ යෙදවීම ඒවායේ රැඳී සිටීම, එම ස්ථානය කළමනාකරණය කිරීම යන චෝදනා යටතේ පිරිසක් අත්අඩංගුවට ගත් බවයි ඔහු පවසන්නේ.

මෙහි දී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර පිරිමි පුද්ගලයින් 08 දෙනෙක් හා කාන්තාවන් 137ක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණ සඳහා ද ඉදිරිපත් කර තිබෙනවා.

එම වෛද්‍ය පරීක්ෂණ තුළින් කාන්තාවන් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වෙනවා.

මේ පිළිබඳ අදාළ අංශ දැනුවත් කර ඇති අතර ගණිකා සේවය ලබාදුන් පුද්ගලයින් හඳුනාගැනීමට විමර්ශන කටයුතු සිදුකරනවා.

පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යන මුවාවෙන් මෙම මධ්‍යස්ථාන ලියාපදිංචි කර මෙවැනි ස්ථාන පවත්වාගෙන යන බවත් ඉදිරියේ දී ගණිකා නිවාස ලෙස පවත්වාගෙන යන සැකකටයුතු ස්ථාන විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට බලාපොරොත්තුවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles