ආහාර එකතු කරන්න ගිය පලස්තීනුවන් 18ක් ගිලී මැරේ

ඇමරිකානු හමුදාව ගුවනින් දැමූ ආහාර එකතු කිරීමට ගිය පලස්තීන සිවිල් වැසියන් 18 දෙනෙකු මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත් වූ බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඊශ්‍රායෙල් ප්‍රහාර හමුවේ, අසරණ වූ ගාසා පලස්තීන වැසියන්ට ඇමරිකාව ආධාර ලබා දෙන්නේ ගුවනින් බවයි සඳහන් වන්නේ. පානීය ජලය, ආහාර, පිටි, ඇතුළු ධාන්‍ය ටොන් ගණනින් පලස්තීන වැසියන්ට ගුවනින් පතිත කරන බවයි පැවසෙන්නේ.

එසේ දැමූ ආහාර මුහුදට වැටී ඇති අතර එ්වා ලබා ගැනීම පිණිස මුහුදට පනිනු ලැබූ පලස්තීනුවන් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ලබා දෙන ආධාර ලබා ගැනීමට යන පලස්තීනුවන් ගණනාවක් පසුගිය දිනවල තෙරපී මිය ගිය පුවතක්ද වාර්තා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles