ඇල්ටෝ ධර්මේ ළඟ දණ නැවූ අගලවත්ත OICට වැඩ වරදී

පාතාල නායක ඇල්ටෝ ධර්මේගේ වැටුප් ලබමින් පාතාලයට සහාය දුන් බවට චෝදනා ලද අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටු තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ අත්සනින් ජාතික පොලිස් කොමිසමට ලිපිගොනුව යවා තිබෙනවා.

විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙක් යැයි කියන ධර්මසිරි පෙරේරා නොහොත් රත්මලානේ ඇල්ටෝ ධර්මේ සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා එල්ල වීම සම්බන්ධයෙනුයි මෙහි සඳහන් වන්නේ.

මෙම චෝදනා සම්බන්ධව පොලිස් විශේෂ කාර්යාංශය සිදුකළ විමර්ශනයකදී හෙළි වූ කරුණු මත මෙම සේවය අත්හිටුවීම සිදුවන බව පොලිස් මූලස්ථානය පවසන්නේ.

ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ලෙස සිටිය දී ඇල්ටෝ ධර්මේගෙන් මුදල් ලබාගෙන ප්‍රතිවිරුද්ධ කල්ලියට සහාය දුන් බවට චෝදනා කරමින් මෙම නිලධාරියාට කුණු හරුපෙන් බැණ වදිමින් තර්ජනය කරද්දීත් ඇල්ටෝ ධර්මේගෙන් සමාව ඉල්ලන හඬ පටය සම්බන්ධව මෙම විමර්ශනය සිදු වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles