කබ්රාල්ට එරෙහිව නඩු පවරයි

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන ශ්‍රී ලංකා රජයට පාඩු සිදුකිරීමේ චෝදනාවට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව මෙම නඩුව පවරා ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයට ලක්වී සිටියදී ඒ බව දැන දැනම එරට රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමෙන් මෙරට රජයට රුපියල් 1,843 267,595ක පාඩුවක් සිදුකර ඇති බවයි අදාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles