ලක්ෂ 9 පොල්ල : ඇමැති ඩයනාට රූපවාහිනියෙන් නඩු

නවගමුව පෙරහැර සජීවී ලෙස විකාශනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අය විය යුතු රුපියල් ලක්ෂ 9ක මුදල සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් මේ වන තෙක් ගෙවා නැති බවයි වාර්තා වන්නේ.

මෙකී හිඟ මුදල නොගෙවන්නේ නම් ඇයට නඩු පැවරීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කටයුතු කරන බව එහි ගිණුම් අංශයේ උසස් නිලධාරියෙක් පැවසුවා. එසේ ම මෙය වහා අය කරගන්නැ යි ද නැත්නම් නඩු පවරන්නැයි ද කියමින් සේවකයන් බලපෑම් කරන බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ පැවැති නවගමුව පෙරහැර විකාශනය වෙනුවෙන් ඇය ඉල්ලීමක් කර ඇති ඇත්තේ එයට වැය වන මුදල තමාගේ පෞද්ගලික මුදලින් ගෙවන බවට ලිඛිතව දැන්වීමෙන් පසුව බවයි රූපවාහිනී සංස්ථාව පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles