ආයෙ ජනාධිපති අපේක්ෂකයෝ ගැන කතා නෑ : පොහොට්ටුව තීරණයක

ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් ගැන කතා කිරීම නතර කිරීමට ඊයේ (27) දා තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට පක්ෂයෙන් අපේක්ෂකයෙක් තෝරා නම් කරන තුරු අපේක්ෂකයින් ගැන සාකච්ඡා කිරිම නතර කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී ඊයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීම පැවැත්වුණා.

මෙහි දී පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ දියුණුවට උදවු කළත් තනතුරු භාර නොගන්නා බවයි.

එබැවින් පක්ෂයේ ජාතික සංවිධායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ලබා දීමට තීන්දු වී තිබුණා.

මෙම රැස්වීම අවසන් වී විධායක සභිකයින් පිටතට පැමිණිමෙන් පසු ඇමතිවරුන් පිරිසක් වාදයක පැටලී එය ගැටුමක් දක්වා දුර දිග ගිය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග පවසනවා.

ඒ ඇමැති කාංචන විජේසේකරට සහ රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට විහිළුවක් කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ විසිනි.

“රනිල්ගේ දරුවෝ වගේනේ..” යැයි ඔහු විසින් පැවසු බව සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කළ පසු කෝපයට පත් ඇමතිවරු වාදයක පැටලී එය ගැටුමක් දක්වා දුර දිග ගිය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles