කතුරු ප්‍රහාරයකින් අයෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස් ස්ටේට් පාරේ දී පුද්ගලයෙකුට කතුරකින් ඇන ඝාතනය කර තිබෙනවා. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කරන්නේ මෙම ඝාතනයට සැක පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ 14 ස්ටේස් පාර පදිංචිව සිටි කේ. එච්. දිල්රුක්ෂ නමැති 37 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයන් දෙදෙනා අතර කලක සිට පැවති ආරවුලක් සම්බන්ධයෙන් බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු විසින් මරණකරුට කතුරකින් ඇන තුවාල සිදු කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles