දකුණු ආසියාවේ විශාලත ම මාතෘ රෝහල දකුණේ විවෘත වෙයි

දකුණු ආසියාවේ විශාලතම කාන්තා රෝහල ලෙස සැලකෙන ජර්මන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල ඊයේ (27) දින ජනතා අයිතියට පැවරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින්.

මහල් හයකින් යුත් මෙම රෝහල ඇඳන් 640කින්, ශල්‍යාගාර 6කින්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු නවීන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත වෙන අතර අපජලය පිරිසිදු කර මුදාහැරීමේ ඒකකයක්ද සහිත වෙනවා.

2004 සුනාමිය නිසා දකුණු පළාතේ විශාලතම මාතෘ රෝහල වූ ගාල්ල මහමෝදර රෝහලට වූ හානිය දැකගත් ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට්කෝල් විසින් මෙම නව රෝහල ලබා දීමට ඉදිරිපත්ව තිබුණා. රෝහල ඉදි කිරීම සඳහා ජර්මන් රජය විසින් දෙන ලද ණය ආධාර මුදල යුරෝ මිලියන 25ක් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles