කැනඩා ගිය උද්දික ආපහු ඇවිත්

ජනප්‍රිය රංගන ශිල්පී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහුගේ පවුලේ සාමාජිකයින් සමඟ අද (28) උදෑසන මෙරට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

උද්දිකපාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී මීට සති කිහිපයකට පෙර කැනඩාව බලා පිටවත්වීම ආන්දෝලාත්මක සිදු වීමක් වුණා.

එහි දී කැනඩාවේ දේශපාලන සරණාගතභාවය සඳහා ඉල්ලීම් කර ඇතැයි ඒ දිනවල පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වුවද උද්දික ප්‍රේමරත්න විසින් එය තරයේ ප්‍රතික්ෂේප කරන්නට යෙදුණා.

කෙසේ නමුත් උද්දික ප්‍රේමරත්න යළි දිවයිනට පැමිණ ඇත්තේ අද (28) සම්මාන උළෙලට සහභාගී වීමට බවයි තොරතුරු අණාවරනය වන්නේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles