යේසු උත්ථාන සැමරුමට ගිය 45ක් දිවි පුදති

දකුණු අප්‍රිකාවේ පාස්කු දේව මෙහෙයක් සඳහා සහභාගි වීමට ගිය පිරිසක් රැගත් බස් රථයක් භයංකර අනතුරකට ලක් වීමෙන් එහි ගමන් ගත් 45 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අප්‍රිකානු මාධ්‍ය වාර්තා කරනවා.

බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව පාලමකින් ඉවතට පැන මීටර් 50ක පමණ ප්‍රපාතයකට වැටීමයි සිදුව ඇත්තේ.

එම අනතුරෙන් දිවි ගලවාගෙන ඇත්තේ 8 හැවිරිදි කුඩා දැරියක් පමණක් බවයි මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඇයටද බරපතළ ලෙස තුවාල සිදුව තිබෙනවා.

වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles