ටයිටැනික් සිනමාපටයේ ලෑල්ලක් – ගත්තු මිල ඉස්තරම්

ටයිටැනික් චිත්‍රපටයේ ලෑල්ලක් ඩොලර් හත් ලක්ෂයකට අලෙවී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සත්‍ය සිදුවීමක් පාදක කරගෙන 1997 වසරේ දී තිරගත කළ ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ හොලිවුඩ් සිනමා පටයක් වන ‘ටයිටැනික්’ චිත්‍රපටයේ ගිලෙමින් පවතින නෞකාවෙන් සිය පෙම්වතිය වූ රෝස් බේරාගෙන රැඳවීම සඳහා ජැක් විසින් යොදා ගත් දොරටුවක් වැනි ලෑල්ල වෙන්දේසියක දී ඇමරිකානු ඩොලර් හත් ලක්ෂ දහඅටදහස් හත්සිය පනහක මුදලකට අලෙවි වී තිබෙනවා.

මීටර් 2.4 ක් දිගැති හා මීටරයක් පළලැති මෙසේ වෙන්දේසි වූ ටයිටැනික් චිත්‍රපටයේ මුහුදේ පාවෙමින් තිබූ ලෑල්ල 1912 වසරේ දී ගිළුණු ටයිටැනික් නෞකාවේ සුන්බුන්වලින් තැනූ ලෑල්ලක් බව ඉකුත් ඉරිදා පැවති වෙන්දේසියක දී එය අලෙවි කළ වෙන්දේසිකරුවෝ පවසා ඇති බව සඳහන් වෙනවා.

ඉකුත් ඉරිදා ඇමරිකාවේ හෝටල් ජාලයක් වන ප්ලැනට් හොලිවුඩ් ජාලයට අයත් ඇඳුම් හා භාණ්ඩ අලෙවි කිරීමේ වෙන්දේසියක දී අදාළ ලෑල්ල මෙසේ අලෙවි වූ බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles