කෙහෙළිය සමයේ බාල බෙහෙත්වලින් මැරුණු අයගේ වාර්තාවක් දෙන්න: අධිකරණය

බාල බෙහෙත් දීමෙන් අසාධ්‍ය වූ හා ජීවිතක්‍ෂයට පත් රෝගීන්ගේ ලැයිස්තුවක් සහ එම රෝගීන් සම්බන්ධ වාර්තාවක් මැයි 30 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ඊයේ (28) නියම කර තිබෙනවා.

“හියුමන් ඉමියුනෝග්ලොබිලීන් සහිරිටොක්සි මැප්” නමැති ඖෂධ වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබාදුන් ද්‍රාවණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පරීක්ෂණ සම්බන්ධ වාර්තා හෙට 30 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට වැඩිදුරටත් නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිත කරන “ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණ ගිරිහාගම කළ ඉල්ලීම් පිළිගනිමින් මහෙස්ත්‍රාත් වරිය එලෙස නියම කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී රෝගී තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ගිලන් රථයකින් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෑන් රථයකින් ද අධිකරණයට ඉදිරිපත් කළ අතර නඩුවේ සෙසු සැකකරුවන්ගෙන් වෙන් කර මහර බන්ධනාගාරයේ රඳවා සිටින නඩුවේ 10 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක බන්ධනාගාර වෑන් රථයකින් අධිකරණයට කැඳවා තිබුණා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිත කරන “ඉමියුනෝ ග්ලෝබින්“ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර සහ සිවිල් සංවිධාන එකමුතුව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

බාල බෙහෙත් දීමෙන් අසාධ්‍ය වූ සහ ජීවිතක්ෂයට පත් රෝගීන්ගේ ලැයිස්තුවක් සහ එම රෝගීන් සම්බන්ධ වාර්තාවක් මැයි 30 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමටද ‘හියුමන් ඉමියුනෝග්ලොබිලීන් සහ ‘ රිටොක්සි මැප්’ නමැති ඖෂධ වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබා දුන් ද්‍රාවණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පරීක්ෂණ සම්බන්ධ වාර්තා හෙට 30 දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමටද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියම කරන්නැයි ඉල්ලා සිටි ලක්මිණි ගිරිහාගම මෙනවිය බාල බෙහෙත් දීමෙන් ජීවිතක්ෂයට පත් රෝගීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ද අධිකරණයට කැඳවීමටට නියම කරන්නැයි ඉල්ලා සිටියා.

1 COMMENT

  1. කාමන්ත තුෂාර සහ අනිකුත් සිවිල් සංවිධාණයන් ඒ හඬක් නගන්නෙ අසරණ පිළිකා රෝගීන් වෙනුවෙන් සහ සමස්ත සමාජයක් වෙණුවෙන් නම්… ඇයි අපේ රටේ ජනතාව ඔවුන්ව හුදකළා කරල ප්‍රථිඵළය කියනකම් පමණක් බලාගෙන ඉන්නෙ ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles