ඥානසාර හිමි ජම්පරේ ඇන්දෙ නෑ, බන්ධනාගාර රෝහලේ: ඉත්තෑකන්දේ හිමි කියයි

මාධ්‍ය සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ජාතික සමගියට බාධා කරන ලදැයි වරදකරු වී වසර 4ක් අච්චු ලැබූ බොදු බල සේනා නායක ගලගොඩ අත්තේ ඥානසාර හිමි වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරකරුවකු ලෙසින් ජම්පර් ඇඳුම අන්දවා දඬුවම ආරම්භ කර ඇති බවට වාර්තා පැය කිහිපයකට පෙර වාර්තා වුණා.

පසුව ඥානසාර හිමිගේ සුවදුක් බැලීම පිණිස ගිය ඒ හිමිගේ සමීප කණ්ඩායමේ හිමිනමක් වන ඉත්තකෑන්දේ සද්ධාතිස්ස හිමි පැවසුවේ රෝගී තත්වයක් නිසා ඥානසාර හිමි මේ වන බන්ධනාගාර රෝහලෙහි රඳවා ඇති බවයි.

සද්ධාතිස්ස හිමියන් පවසන්නේ, ඥානසාර හිමිගේ ස්වරය සැර බව කවුරුත් දන්නා බවයි. මෙරට පෙර සිටි බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ ස්වරය ද එවැනි සැර එකක් බව ඒ හිමියෝ වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles