ඥානසාර හිමියෝ ජම්පරය ඇඳ ගනිති

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වුණා.

ඒ ජාතීන් අතර අසමඟිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු කරමින්.

උන්වහන්සේ මේ වන විට වැලිකඩ බන්ධනාගාර R වාට්ටුවට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වාට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා රඳවා තිබුණ වාට්ටුව බව පැවසෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ දී ඥානසාර හිමියන්ට සිරකරුවන් වෙනුවෙන් ලබාදෙන ජම්පරය ලබා දී තිබෙනවා.

මෙවර ඥානසාර හිමියන් කිසි විරෝධයක් නොපා සිවුර ඉවත් කර ජම්පරය බාරගෙන එය ඇඳගෙන ඇති බවයි අනාවරණය වන්නේ.

ඥානසාර හිමියන්ගේ නම ලෙස සිරකරු අංකයක් ලබා දී ඇති අතර බන්ධනාගාරය තුළ දී එම අංකයෙන් පමණක් අමතන බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles