පොහොට්ටු මන්ත්‍රී මහැදුරු රංජිත් කට කපනවා කිව්වා: පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර විසින් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරියකට තර්ජනය කළැයි පැමිණිල්ලක් පේරාදෙණිය පොලිසියට ලැබී තිබෙනවා.

ඇය එහිදී පැමිණිලි කර ඇත්තේ ඊයේ (28) දිනයේ දුරකතන ඇමැතුමක් ලබා දුන් රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා තමන් වෙනත් පුද්ගලයෙකු හා පැවසීයැ යි කියන කරුණක් – එසේ කියා ඇත්නම් කට කපා දමන බවට තර්ජනය කළ බවයි.

පසුගිය දිනකදී ද පොහොට්ටු පක්ෂයේ රැස්වීමකදී ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයන් කිහිපදෙනෙක් ගැටුමක් ඇති කරගෙන තිබුණා. ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා විසින් උදයංග වීරතුංගට බැණ වැදී තිබුණේ ද දින කිහිපයකට උඩදී යි. එසේ ම අද දිනයේ පොහොට්ටු පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු දෙදෙනෙක් ගුටිබැට හුවමාරුවක යෙදී තිබුණා.

මේ ගැන අදහස් දැක්වූ විපක්ෂ මන්ත්‍රීවරයෙක් අප හා පැවසුවේ ගිලෙන නැවේ ගැටුම් ලෙස පොහොට්ටු පක්ෂයේ මේ අලකලංචි හඳුනාගත හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles