පුංචිඅප්පු ජඳුරේ ඝාතනයක්

ලුණුගම්වෙහෙර පුංචිඅප්පු ජඳුර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී 31 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ (28) අලුයම් කාලයේ දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

මූලික පොලිස් විමර්ශනවල දී හෙළිවී ඇත්තේ පැරණි අමනාපයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ ලුණුගම්වෙහෙර පුංචිඅප්පු ජඳුර ප්‍රදේශයේ දී වන අතර සිද්ධියෙන් බරපතළ තුවාල ලද අදාළ පුද්ගලයා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles