අද මහ සිකුරාදාවයි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය මත ජීවිත පූජාව සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදට (29) යෙදී තිබෙනවා.

ලොව පුරා කිතුණු ජනතාව මහත් භක්තියෙන් සමරනු ලබන මේ දිනයට පෙර අළු බදාදා දිනයෙන් ඇරඹි චතාරික සමය තුළ යැදුම්, උපවාස, පින් කටයුතු සහිතව කෙරුණු කටයුතු අද දිනයේ කූටප්‍රාප්තියට පත් වෙනවා.

අද දිනයේ කුරුසිපත්ව දිවි පිදූ යේසුස් වහන්සේගේ මරණයෙන් උට්ඨානය පාස්කු ඉරිදා දිනයට යෙදෙනවා.

මෙරට කිතුනු ජනතාවද අතිමහත් බැතියෙන් සමරණ මේ දිනයේ කිසිදා නොමැකෙන ශෝක මතකයක් එකතු වුණේ 2019 වසරේදී යි. ඒ පාස්කු ඉරිදාවේ දේවස්ථාන ගණනාවකට එල්ල වූ කෘෘර ත්‍රස්ත ප්‍රහාරයයි. කෙසේ වෙතත්, මේ වසරේ සියලු දේවස්ථාන ආවරණය කරමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles