දරුවෙකු අත දරාගෙන යුවළක් කරන අමුතු කොල්ලකෑමක්

බිළිඳෙකු අතදරාගෙන කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රියකට නැග පිළියන්දල අතුරු පාරකට ගෙන ගොස් රියදුරාගේ රු.ලක්ෂයක් පමණ වටිනා රන් මාලයක් කොල්ල කෑ අඹු-සැමි යුවළක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා.

මෙයට පෙරද මෙවැනිම කොල්ලකෑමක් සිදු කළ බව ඔවුන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කළ බවයි පිළියන්දල පොලිසිය පවසන්නේ.

මෙම දෙදෙනා ත්‍රිරෝද රථයකින් ගොස් වියපත් මවක්ද කොල්ල කා පළා ගොස් තිබෙනවා. මෙම දෙදෙනාම බරපතළ ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් බවයි පොලිසිය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles