කැඩුණු පාලමේ නවතම තතු

අමෙරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට්කී පාලමේ සුන්බුන් ඉවත් කිරීමට නැගෙනහිර එක්සත් ජනපද මුහුදු තීරයේ තිබෙන විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා ඇති බව විදෙස් වාර්තා කරනවා.

අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ Patapsco ගංඟාව හරහා තිබූ විශාල පාලමක් පසුගිය (26) දා Dali නම් බහාලුම් ප්‍රවාහන නෞකාව ගැටීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටුණා.

මේ සිදුවීමෙන් එරට කාර්යබහුලම වරායේ නැව්ගත කිරීම් අත්හිටුවා ඇති බවයි සඳහන් වන්නේ.

සුන්බුන් අතර කිමිඳීමේ අවදානම හේතුවෙන් කම්කරුවන් සිව්දෙනෙකුගේ සිරුරු සෙවීමේ කටයුතු තවදුරටත් නවතා තිබෙනවා.

පාලම යථාතත්ත්වයට පත්කිරිම සඳහා ෆෙඩරල් හදිසි අරමුදල්වලින් ඩොලර් මිලියන 60ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර පාලම කඩා වැටීමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවිය හැකි බව විදෙස් වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles