ශ්‍රීලනිපයේ තනතුරුවලින් දුමින්ද, අමරවීර, ලසන්ත දොට්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක ධුරයෙන් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ඉවත් කර තිබෙනවා.

භාණ්ඩාගාරික ධුරය දැරූ ලසන්ත අලගියවන්න එම තනතුරෙන් ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය දැරූ මහින්ද අමරවීර මන්ත්‍රීවරයා එම තනතුරෙන්ද ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයන් අද (30) පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබූ අතඑ එහි විධායක සභාව විසින් මෙම තීරණ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම තීරණයට එරෙහිව එම පිරිස අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles