ඇහැලියගොඩ OIC වෙඩි තබාගෙන මළ සිදුවීම පිටුපස බ්ලැක්මේල් එකක්දැයි පරීක්ෂණ

මෙයට මාස 5කට පමණ පෙර රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගත් ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති වරයාගේ මරණය ඇතුළු සිද්ධි ගණනාවකට සම්බන්ධ බවට සැක 35 වියැති කතක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙඩි තබාගැනීමට ආසන්නයේ ඔහුගේ දුරකතනයට ලැබී ඇති අවසන් ඇමතුම සැකකාර කතගේ බවයි සොයාගෙන ඇත්තේ. මෙම කාන්තාව ව්‍යාජ කප්පම් ඉල්ලීම් සහිත ලිපි යොමු කරමින් පොලිසිය නොමග යවා ඇති බවයි සඳහන් වන්නේ.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ මරණ පරීක්ෂණයේදී මෙම සැකකාරිය ව්‍යාජ නමකින් සාක්ෂි ලබා දී ඇති බවද හෙළිදරව් වී තිබෙනවා.

වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles