පොරෝ පහරදී කතක් මරලා

අග්බෝපුර 84 ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කර තිබෙනවා.

එම ප්‍රදේශයේ ම පදිංචිව සිටින 44 හැවිරිදි විවාහක කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක් වී තිබුණා.

ඊයේ රාත්‍රියේ සිය නිවසට යාබද නිවසක සිටින තවත් පුද්ගයෙකු බීමතින් පැමිණ මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට පරුෂ වචනයෙන් බැණවැදී ඇති අතර එය නවත්වන ලෙස පැවසීමට ඇය සිය සැමියා සහ තවත් ඥාති සහෝදරයෙකු සමඟ අදාළ පුද්ගලයාගේ නිවස අසලට ගොස් තිබෙනවා.

එහි දී ඇතිවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු බීමතින් සිටි පුද්ගලයා මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට පොරොවකින් පහරදී ඇති බවයි සඳහන් වන්නේ.

තුවාලකරුවන් කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩි දුරටත් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles