විස පාන් පිටි තොගයක් අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් කෝටි 15ක් පමණ වටිනා පාන්පිටි ඇතුළු පාරිභෝගික භාණ්ඩ තොගයක් ගනේවල්පොළ ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී සොයාගත් බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

ප්‍රකාශකයෙකු සඳහන් ක‍ළේ, මෙම භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබු බවයි.

කිලෝ 25 සහ 50 පාන් පිටි ඇසුරුම් 10,000කට අධික ප්‍රමාණයක් තිබී සොයාගත් බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඊට අමතරව මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක්ද එහි තිබී සොයාගෙන තිබුණා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් සිදුකළ ක්ෂණික වැටලීමකදී මෙම භාණ්ඩ තොගය සොයා ගත් බවයි සඳහන් වන්නේ.

පාන් පිටි තොගයට මෙම ස්ථානයේ දී විෂ ද්‍රව්‍ය යොදා එහි සිටි ගුල්ලන් මර්දනය කර යළි සකසා කල් ඉකුත්වීමේ දින වෙනස් කර අලුතින් මුද්‍රණය කර නව ඇසුරුම්වල නැවත අසුරා යළි බෙදා හැරීමට සූදානම්ව තිබී ඇති බව සෞඛ්‍ය බලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වුණා.

මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම ගබඩාව පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු සහ එහි සිටි තවත් පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරිමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයා පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles