අමුතු ඇඳුම් ඇඳ – වාහන පරීක්ෂා කරන පොලිසිය!

වෙනස් ආකාරයක ඇඳුමකින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් මහියංගණය- මහනුවර ප්‍රධාන මාර්ගයේ අද (30) විශේෂ රථවාහන පරීක්ෂාවක් සිදු කර තිබෙනවා.

යුක්තිය මෙහෙයුමේ කොටසක් ලෙස කෙරුණු මෙහිදී මහජනතාව පරීක්ෂා කිරීම සිදු කෙරුණා.

මේ සඳහා මහියංගණ මාපාකඩවැව පොලිස් පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටින ආධුනික පොලිස් නිලධාරීන් යොදවා තිබුණු බවයි පැවසෙන්නේ.

මෙම අමුතු හිස්වැසුම් සහිතව පාරට පැන රථවාහන නැවැත්වීම නිසා මහජනතාව අපහසුතාවට පත් වූ බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles